spot_img
spot_img

රන් ආලේපිත ගිනිඅවිය – දුමින්ද යළි සැකකරුවෙකු කෙරේ

රන් ආලේපිත ටී-56 ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නැවත සැකකරුවකු ලෙස නම්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (19) නියෝග කර තිබේ.

හැව්ලොක් නිවාස සංකීර්ණයේ සිටි ආරක්ෂක නිලධාරීන් කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී-56 ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධ නඩුවෙන් පසුගිය වර්ෂයේ ජුලි මස 29 වැනිදා දුමින්ද දිසානායක මහතා මුදාහැර තිබුණි.

කෙසේවෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ පසු විමර්ශන වාර්තාවලට අනුව දුමින්ද දිසානායක මහතා සැකකරුවකු ලෙසට නම් කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...