spot_img
spot_img

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ගසා කෑ ඩුබායි සුද්දා අධිකරණයේදී වරද පිළිගනී

සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරද පිළිගෙන තිබේ.

ඒ අදාළ නඩුව ජූනි 16වනදා කැදවූ අවස්ථාවේදීය.

කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන පොරොන්දු වූ පරිදි අදාළ රැකියා ලබානොදීම හා විදේශ රැකියා ලබාදීම සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැති වීම ඔහුට ඇති චෝදනා වේ.

ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් අධිකරණයේ තැන්පත් කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

මෙම නඩුව අගෝස්තු 25 වනදා නැවත කැදවීමට නියමිතය.

ඩුබායි සුද්දාට විරුද්ධව මේ හා සමාන නඩුවක් වැලිසර අධිකරණයේදී ජූනි 26 දින ද කැඳවීමට නියමිතව ඇත.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොහු විසින් සිදුකරන ලද මෙවන් විදේශ රැකියා සම්බන්ධ වංචාවන් ඇත්නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන ලෙසය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...