spot_img
spot_img

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජනතාවාදී පනතක් – හර්ෂණ නානායක්කාර

ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (19) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අදාළ පනත තවත් මාස දෙකක් තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

එය ගෙන එනු ලබන්නේ, ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනය කිරීමට ‌නොවන හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.

“අපේ රජය බලයට ඇවිත් දැනට වසර එක හමාරක් වෙනවා. මම මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණි අවස්ථාවෙත් අතුරුදන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් කතා කරන්න සිදු වුණා. ඒ වන විට මේ අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු විමර්ශනය කිරී‌මේ යාන්ත්‍රණය බිඳ වැටිලා තිබුණේ.

වසරක් තුළ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලයට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර ප්‍රතිපාදන වෙන් කළා. අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ඔබට වේදනා තිබුණා.
එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය එයට හේතු වුණා. පැවති රජයන්ට දේශපාලනිකව අවශ්‍යතාවයක් පැවතියා නම් මේවා කරන්න තිබුණා. 2009 වසරේ යුද්ධය අවසන් වුණා. නමුත් අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ.

යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.

මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුරවැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...