spot_img
spot_img

එජාපය⁣ට භූතයන්ගේ පුත්තු රිංගයි

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින්ට හා සාමාජිකයින්ට දේශපාලනිකව පැවැත්මක් තහවුරු කරගැනීමට නම්, දෙපාර්ශවයම වහාම එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

එහෙත් වත්මන් නායකත්වය යටතේ පක්ෂ දෙකම ඉතා ඉක්මනින් එකම පෙරමුණකට පැමිණෙනු ඇති බවත් ඉන් අනතුරුව දැවැන්ත ශක්තියකින් යුතුව ඉදිරියට යාමට හැකිවනු ඇති බවද මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත භූතයන්ගේ පුත්තු රිංගා ඇති බවත් පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා මෙම භූත පුතුන් රිංගා ගෙන තිබෙන බවද මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී රවී කරුණානායක මේ බව සඳහන් කරයි.

“මට මේක ඉවසන්න බැරිවුණා. මේ භූත⁣යන්ගේ පුත්තු ඉන්නවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ. අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉන්න අපට මේකේ අවස්ථාව ලබා දෙන්නෙත් නැත්තේ ඒගොල්ලෝ. මේ මොන විහිලුවක්ද.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...