spot_img
spot_img

වනිඳු යළි ටෙස්ට් සංචිතයට

මීට පෙර ටෙස්ට් ක්‍රිකට් තරග වලට සමුදෙන බව සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නැවත ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කළා.

උපුල් තරංග කියා සිටියේ, පසුගිය සතියේදී වනිදු හසරංග ක්‍රිකට් තේරීම් කමිටුවට මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.

ඒ අනුව, බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වනිදු හසරංග නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග 2කින් යුත් ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පළමු තරගය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...