spot_img
spot_img

රවී – ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය කියයි

රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර වත්මන් තනතුරු සඳහා පත්කිරීමට කාදිනල් හිමිපාණන් කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බව කතෝලික සභාව අවධාරණය කරයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අද (17) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

“ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ.”

“ඊබ්‍රහීම් ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්‍රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්‍රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ.”

“අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.”

“අසත්‍ය ප්‍රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්.”

“එමනිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...