රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) තුළ ක්‍රියාත්මක වූ විමර්ශනවලට අදාළ හඬපට සහ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එම ධුරයෙන් ඉවත් කරන බවට ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අනාවරණය කරයි.
හිරු රූපවාහිනියේ ‘සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, විශේෂයෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා සහභාගී වූ මූල්‍ය වංචා හා හැකර්වරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ සාකච්ඡාවල වීඩියෝ පට මෙලෙස මුදාහැරීම වළක්වා ඇති බවයි.
මෙම සභාවේ වීඩියෝ පට ඇතත් සාමාන්‍යයෙන් මුදල් කාරක සභාවේ සියලුම සාකච්ඡා විනිවිදභාවයකින් යුතුව ජනතාවට දැනගැනීම සඳහා පාර්ලිමේන්තුව හරහා මාධ්‍ය වෙත නිකුත් කළද, මෙම විශේෂිත සිදුවීම්වලට අදාළ දර්ශන නිකුත් කිරීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත නතර වී ඇති බව අජිත් පී. පෙරේරා පෙන්වා දෙයි.
රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂයට මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පමණක් සිටින අතර ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ බහුතර බලයක් පවතින බවත්, එම බහුතර බලය යොදාගනිමින් මෙම තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ මෙම තර්ජන හමුවේ වුවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සෘජු ස්ථාවරයක සිටිමින්, “අවශ්‍ය නම් තමන්ව සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස” අභියෝග කර ඇති බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
මීට පෙරද ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ අවස්ථාවකදී එවකට පැවති කාරක සභාව අහෝසි කර හර්ෂ ද සිල්වා සභාපති ධුරයෙන් ඉවත් කළ ආකාරය ඔහු සිහිපත් කර දුන්නේය.
නීති විරෝධී ලෙස රටින් මුදල් බැහැර කිරීම සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම මතභේදය හටගෙන ඇත.
විශේෂයෙන්ම ඇතැම් සමාගම් හරහා ඩොලර් මිලියන ගණනින් විදේශ රටවලට මුදල් යවා ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියේ පවතින දුර්වලතා පිළිබඳවත් කාරක සභාවේදී දැඩි ලෙස සාකච්ඡා වී තිබේ.
මෙම තොරතුරු දැනගැනීමට මෙරට පුරවැසියන්ට අයිතියක් ඇති බවත්, එම නිසා අදාළ වීඩියෝ පට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ප්‍රසිද්ධ කළ යුතු බවත් අජිත් පී. පෙරේරා රජයට අභියෝග කර සිටියි
Sinhala Latest breaking news Mailing List Mailing list service Mailing lists direct News Source Popular Articles The latest breaking news Vie




