spot_img
spot_img

අධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ

එළැඹෙන 20වෙනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවය.

රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගනු ලැබීය.

එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ලබන 19 වන දිනෙන් අවසන් වේ.

ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...