spot_img
spot_img

තවත් ව්‍යසනයක් අත ළඟ

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන මංසන්ධියේ නාය ගිය ස්ථානයට ඉහළින් වැවී ඇති යූ කැලිප්ටිස් වර්ගයේ ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගය කඩා වැටිමේ අවධානමක් පවතින බව වාර්තා වේ.

එබැවින් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඊයේ (14) දින සිට එම අවධානම් සහිත ස්ථානයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට පමණක් සීමා කර ඇත.

එමෙන්ම නාය ගිය ස්ථානයේ කඳු මුදුනේ වැවී ඇති යූ කැලිප්ටිස් ගස් කිහිපයක මුල් පෑදී ඇති බවත්, මේ දිනවල එම ප්‍රදේශයේ පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම ගස් ප්‍රධාන මාර්ගයට ගැලවී ඒමේ අවධානමක් පවතින බවත් සඳහන්.

කෙසේ වෙතත් පීඩාවට මගී ජනතාව සඳහන් කළේ එම අවධානම් සහිත ගස් කපා ඉවත් කරන ලෙසට ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී තිබුණද එයට මෙතෙක් විසදුම් නොලැබුණ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...