spot_img
spot_img

අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන් වාර කිහිපයක්

කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් ආයතනය තීරණය කර ඇත.

මෙම සහන ගුවන් වාර අද (05) සිට ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සමාගම විසින් X සටහනක් තබමින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි යුරෝපීය නගර කිහිපයකටත්, රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා තිබීම හේතුවෙන් දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (Hamad International Airport) ආරම්භ වීමට තිබූ සාමාන්‍ය ගුවන් ගමන් තවමත් අත්හිටුවා ඇති බව සඳහන් වේ.

සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් සීමාව සුරක්ෂිත බව තහවුරු කරන තෙක් දෝහා මෙහෙයුම් නැවත ආරම්භ නොකරන බවද සමාගම වැඩිදුරටත් දන්වා තිබේ.

අදාළ ගුවන් ගමන් සඳහා නිල දැනුම්දීමක් ලැබෙන තෙක් ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙසද මගීන්ගෙන් ඉල්ලා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...