spot_img
spot_img

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරනවා-ජනාධිපති

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පවත්වා තිබුණා.

ඔවුන්ගේ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු මෙන්ම කර්මාන්තයේ සෙසු ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බවයි.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටලු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ, මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවද සඳහන් කළා.

එමෙන්ම, ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...