Sunday, April 19, 2026
spot_img
spot_img

ITC RATNADIPA මොනතරම් ලැජ්ජාවක්ද! – ITC රත්නදීප හෝටලයේ සිදුවුණු හිතාගන්න බැරි දේ

කොළඹ පිහිටි ITC Ratnadipa සුඛෝපභෝගී හෝටලයේදී Lasanna Flora සමාගම වෙනුවෙන් සිදුකළ , ගාස්තු ගෙවා නිල වශයෙන් අවසර ලබාගත් ඡායාරූපගත කිරීමක් අතරතුර, හෝටලයේ කළමනාකරණ කාර්ය මණ්ඩලයේ අනුචිත හා අගෞරවනීය හැසිරීමක් සිදුව ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය කීර්තිමත් නාමයක් වන රෆායෙලා ෆර්නෑන්ඩෝ මහත්මිය ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පිණියක වන ඇය සඳහන් කරන්නේ, ෆොටෝෂූට් එකේ වේලාවන් වෙනස් වූ බව හෝටලයට පෙරදැනුම් දී තිබූ බවයි. එහෙත් අවසන් ඡායාරූපය සඳහා සූදානම් වෙමින් සිටියදී, කළමනාකරුවන් දෙදෙනෙකු කිසිදු පෙර දැනුම් කිරීමක් හෝ සාධාරණ ඉල්ලීමක් නොකර අධිකාරි ස්වරයෙන් පැමිණ, වෘත්තීය ආලෝක උපකරණ බලෙන් විසන්ධි කළ බව පවසනවා.

එම අවස්ථාවේදී ප්‍රසිද්ධ චරිතයක් වන අනුදි (Anudi) කැමරාව ඉදිරිපිට සිට ඡායාරූපයට pose කරමින් සිටි බවත්, එවැනි මොහොතකදී ආලෝක උපකරණ ඉවත් කරමින් ස්ථානයෙන් පිටවීමට බල කිරීම අශිෂ්ට හා අගෞරවනීය ක්‍රියාවක් බවත් ඇගේ සටහනේ සදහන්.

තවද කළමනාකරුවෙකු ලෙස හඳුනාගත් මොහම්මද් ඉෆාස් නමැති පුද්ගලයෙකු සජීවී විදුලි සම්බන්ධතා සහිත ආලෝක කේබල් බලෙන් ඉවත් කළ බවත්, එමඟින් මිල අධික උපකරණවලට හා කාර්ය මණ්ඩලයට අවදානමක් ඇතිවිය හැකි බවත් කියා සිටී. තවත් කළමනාකරුවෙකු විසින් නැවත නැවතත් උපකරණ විසන්ධි කරමින් ආරක්ෂක අංශ කැඳවීමට තර්ජනය කළ බවද සමාජ මාධ්‍ය සටහනේ සදහන්.

මෙය හෝටලයේ අවසර සහිත, ගාස්තු ගෙවා පැවැත්වූ ෆොටෝෂූට් එකක් බවත්, ගනුදෙනුකරුවන්ගේ වෘත්තීය උපකරණ ස්පර්ශ කිරීම හෝ අත්පත් කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලයට කිසිදු අයිතියක් නොමැති බවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නාමයක් වන රෆායෙලා ෆර්නෑන්ඩෝ මහත්මිය අවධාරණය කරනවා. එසේම, ආක්‍රමණශීලී හැසිරීම ආගන්තුක සත්කාරය නොවන බවද ඇගේ සටහනේ වනවා.

මෙවැනි සිද්ධියක් සුඛෝපභෝගී සේවාවන් සහ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රසිද්ධ නාමයක් ලෙස ITC Ratnadipa හෝටලයට නොගැළපෙන බවත්, සාමාන්‍යයෙන් සරල හා මෘදු ඉල්ලීමක් හෝ පෙරදැනුම් කිරීමක් තිබුණේ නම් ගැටලුව පහසුවෙන් විසඳිය හැකි බවත් ඇය පේනවා දෙනවා.

සිද්ධිය පිළිබඳ ITC Hotels කළමනාකරණය විසින් විධිමත් විමර්ශනයක් සිදු කර, සම්බන්ධ කාර්ය මණ්ඩලයට යළි පුහුණුව ලබාදිය යුතු බවටද ඉල්ලීමක් කර තිබෙනවා. ප්‍රසිද්ධ හෝටලයකින් බලාපොරොත්තු වන්නේ මෙවැනි හැසිරීමක් නොවන බවටයි ඇය අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ.

ITC RATNADIPA මොනතරම් ලැජ්ජාවක්ද! යනුවෙන් ඇය මෙම සටහන ඇගේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...