Friday, January 30, 2026
spot_img
spot_img

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව, ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අතරින් 10%ක් පමණ එනම් රෝගීන් 123ක්, වයස අවුරුදු 15ට අඩු පාසල් දරුවන් බවය.

මේ අතර, නව රෝගීන් වාර්තාවන විටත් 8%ක් පමණ ආබාධිත තත්ත්වයට ලක්ව අවසන් බවද වෛද්‍යවරිය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය,

“රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ක්‍රම සියල්ල අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ කිසිම ප්‍රමාදයක් ඇති වීමට අවස්ථාවක් නෑ. මෙතන තියෙන ගැටලුව තමයි ඔවුන් රජයේ රෝහල්වලට, නැත්තන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් වෙතට, කාර්යාල වෙතට යොමු වීමේ පරක්කුවක් තියෙනවා”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...

සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන...