Friday, January 30, 2026
spot_img
spot_img

සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත්, ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්ත්වය පාලනය කළ හැකි බවත් නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...