spot_img
spot_img

බැරිම තැන එපා කියපු දානේ බලංගොඩ කස්සප හිමියෝ වළදයි – උපවාසෙට හවසම තිත තියලා

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමල බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වේල ඊයේ(15) දින දහවල් අනුභව කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එහෙත් පසුව උන්වහන්සේ, පස්වරුවේ නැවත ආහාර ලබා ගත් බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා පැවසුවා.

උන්වහන්සේ, තවත් හිමිවරුන් තුන්දෙනෙකු ඇතුලු නව දෙනෙකු එළඹෙන 19 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග ක‍ර තිබුණා.

ඒ ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...