spot_img
spot_img

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්ය නාලක දිසානායක මහතා අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ශෛල්ය වෛද්ය නාලක දිසානායක මහතා,

“ලෝකේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව සිදුවන්නාවූ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්. කිරීටක ධමනිවල සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. මේකේ නම බයිපාස් සැත්කම. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. තරුණ කට්ටියට වැළඳෙන ප් ;රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි දැක්කොත් අවුරුදු 60-70 වයසේ අය තමා එන්නේ. දැන් අවුරුදු 25-30 සිට කට්ටිය එනවා. ශල්ය කර්ම කරන්න අපිට ලොකු පොරොත්තු ලේඛණයක් තියෙනවා. ශ්රී ලංකාවේ සියලුම වර්ගවල බයිපාස් සැත්කම් සිදුකරනු ලබනවා. අපිට ගැලපෙනම දේ මෙවැනි රෝගී තත්ත්වයන් වළක්වා ගැනීම. ඒ සඳහා ශාරීරික ව්යා යාම කිරීම, නිවැරදි ආහාර රටාව, මානසික ආතතිය පාලනය කර ගැනීම, රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කර ගැනීම බොහෝ වැදගත් වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...