spot_img
spot_img

2026 අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන නිවේදනය මෙන්න

ජනවාරි මස 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය නිකුත් කර ඇති එම සම්පූර්ණ කරුණු පහතින්

2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇත.

2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදිම 2026 ජනවාරි 29 දින ආරම්භ කරනු ලැබේ.

6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමනු ලැබේ.

2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කළ යුතු අතර, එක් කාලඡේදයක් විනාඩි 40ක් විය යුතුය. ඒ අනුව, පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කළ යුතුය.

6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවල දී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කළ යුතුය.

6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතුය.

පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලැබේ.

අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ e – තක්සලාව ‘ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ඇත.

නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

6 ශ්‍රේණිය සඳහා පිළියෙළ කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කරනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත් කිරීම් යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරනු ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉතා ඉක්මනින් නිකුත් කෙරෙනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...