Sunday, April 19, 2026
spot_img
spot_img

කෙහෙළිය ගෙන්නපු බෙහෙත් ගැන ආන්දෝලනාත්මක කතාවක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම හේතුවෙන් ‍රට පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බවත්, විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවත්වන බවටත් විවිධ පුවත් වාර්තා වේ.

එවන් පසුබිමක ඇස් ආබාධ තත්ත්වයට පත් රෝගීන් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය වන්දි ප්‍රධානයට කටයුතු කළ බව සඳහන්.

එබැවින් සෙසු රෝගීන් දිගින් දිගටම තමන්ට අසාධාරණයක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කරන බව වාර්තා වේ.

ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලින් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතා 13/11/2025 දිනැතිව ඉහත අක්ෂ දියරය හේතුවෙන් ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත ලිපියක් යවමින් ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බව සඳහන් කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් එම රෝගියා හා ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්වන බව පවසයි. කොළඹ ජාතික අක්‍ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් පසුව තමාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවත් පසුව තම පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙවැනි ලිපියක් නිකුත් වීම ගැන කනගාටුවට පත්වන බවත් ඔවුන් සඳහන් කරයි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට විරුද්ධව මෙතෙක් අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නොමැති බවයි.

ඒ බව අවසන් වරට නිකුත් වූ විගණන වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට විරුද්ධව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවත් පෙන්වා දෙයි.

එමෙන්ම ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...