spot_img
spot_img

ජනපති අනුර පාර්ලිමේන්තුවේ පොඩි හනුමා සොයයි

කවුරු හරි නැවතත් උත්සාහ කරනවා නම් පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න, එය ඉතිහාසයම විතරක් බවත් එය මහත්තුරු හොදට තේරුම් ගන්න ඕනා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අධිකරණය ලබාදී තිබෙන නියෝගය තමයි, අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා, තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා. අධිකරණයෙන් තීන්දුවක් ලබාදුන්නාට පසුව පන්සලට හිමි භූමිය වෙන් කර දීමෙන් පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන්.

හැබැයි දැන් තියෙන්නේ මොකක්ද. දැන් ඇත්තටම ගත්තොත් මේ ප්‍රශ්නය අවසන්.

දැන් තවත් නටන්නේ ඇයි.. මම මේ කියන්නේ නටන්නේ මොකටද. මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට තමයි මේකේ අවශ්‍යතාවය තිබුණේ ජාතිවාදී කණ්ඩායම්.

දැන් අවස්ථාවක් මතුවුණා ගිනි තියන්න පුළුවන් හනුමා වලිගයට ගිනි තියාගත්තා වගේ. නේද.. පොඩි හනුමා ගිහිල්ලද කොහෙදෝ.. හරිද.. දැන් මොකද කරන්නේ මේක හැම තැනම ගිනි තිය තිය යනවා.

හැබැයි අපි ජාතිවාදයට නම් ඉඩ දෙන්නේ නෑ. ඒක හැම මහත්තයාම තේරුම් ගන්න. මම විතරක් නෙවෙයි මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ හින්දු, මුස්ලිම්, කතෝලික ජනතාවත් ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ.

ඒ නිසා, කවුරුහරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න එය ඉතිහාසයම විතරයි. මේ මහත්තුරු හොදට තේරුම් ගන්න ඕනා. එය වර්තමානයත් නොවෙයි, අනාගතයත් නොවෙයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...