spot_img
spot_img

දයාසිරි ගැන විමර්ශනයක් අරඹයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බව අද (19) කථානයකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“2025 සැප්තැම්බර් (24) වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සැප්තැම්බර් (25) වනදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...