spot_img
spot_img

කොටස් වෙළෙඳපොළ අද ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගය වාර්තා කර තිබේ. පරණ වාර්තා අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.98ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.65% ක් වැඩිවීමක් ලෙස වාර්තා වේ.

මේ අතර S&P SL20 දර්ශකය ද මේ දක්වා ඉතිහාසයේ ඉහළම අගය අද දින වාර්තා කිරීමට සමත්වූයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,226.03ක් දක්වා ඒකක 63.65ක වර්ධනයක් සනිටුහන් කරමිනි.

රු. බිලියන 8.45ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 8.30ක් හා දේශීය විකිණුම් රු. බිලියන 8.21ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 150ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 248ක් ලෙසින් සටහන් විය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...