spot_img
spot_img

තාජුඩීන්ව ඝාතනය වෙද්දි කජ්ජා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ ඉඳලා – හැංගුන තවත් රහස් රැසක් එළියට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනවලදී තවත් වැදගත් කරුණු අනාවරණය වෙමින් පවතී.

ඒ අනුව විමර්ශනවලට අනුව අරණ විධානගමගේ හෙවත් මීගස් ආරේ කජ්ජා නැමැත්තා තාජුඩීන් ඝාතනයට ලක් වූ කාල වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ විසින් 2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩකයා ඝාතනයට ලක්වීමට පෙර, ඔහු පසුපස මෝටර් රථයකින් ලුහුබැඳි පිරිස අතර කජ්ජාද සිටි බව පවසා ඇත.

එසේ වුවත් ඔහුගේ පුත්‍රයා සහ ඥාතීන් විසින් මෙම ප්‍රකාශයන් අභියෝගයට ලක් කරමින් විවිධ ප්‍රකාශ සිදු කළ අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම ඝාතනය සිදුවූ දිනේ කජ්ජා රැඳී සිටි ස්ථාන පිළිබඳව සහ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අඛණ්ඩව විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් බවට දැනට ප්‍රකාශ කර ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරී දින 90ක රැඳවම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ‘බී වාර්තාවක්ද’ ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ මෙම විමර්ශනයට අදාළව මෙන්ම මිද්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදුකරන විමර්ශන වෙනුවෙන් ද සැකකරු තවදුරටත් පොලිස් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...