spot_img
spot_img

ගුරු පඩියට තවත් 15000ක්..?

ගුරු වැටුප් විෂමතා මූලික කර ගනිමින් අද දින (20) ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අදහස් කීපයක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ කියන දේවල් සහ කරන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා කියලයි.ඒ වගේම ආණ්ඩුව ගුරුවරු ලක්ෂයක් පුහුණු කරනවා කියනවා 2026 ආණ්ඩුවටට කලින් නමුත් මේ විදිහට විහිලු කතා කියන් නැතිව මේ කරන්න යන දේ පිළිබඳව පැහැදිලි දැක්මක් ඒ වගේම පැහැදිලි සැලැස්මක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විටම මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රුපියල් 15000කින් වැඩි කළ යුතු බවට ඔහු තරයේ රජයට ප්‍රකාශ කරයි. ඒ වගේම මේ වන විට පාසල් පවත්වන කාලය පස්වරු 2.00 වෙන තෙක් දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් එහි දී ගුරුවරුන්ගෙන් හෝ විදුහල්පතිවරුන්ගෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කර තිබේද යන්න ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

ඒවගේම මේ දේ බලහත්කාරයෙන් සිදු කිරීමට නොහැකි බවත් ඒ ආකාරයෙන් එය බලහත්කාරයෙන් සිදු කිරීමට උත්සාහ කරන්නේ නම් සියලු ගුරුවරුන් එකට එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටත් ඔවුන් සූදානම් බව පවසයි.

ඒ වගේම ලාල්කාන්ත ඇමතියි ඕගොල්ලෝ උද්ඝෝෂණ කරන්න අපි කරන්නේ අපිට ඕන දේ යනුවෙන් විටින් විට ප්‍රකාශ කරන බවත් එය එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂට වූ දෙය මේ රජයට නැවත සිදුවන බවත් මෙහිදී ඔහු වැටි දුරටත් ප්‍රකාශ කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...