spot_img
spot_img

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවයි.

ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තරයෙන් මේ සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කර ගන්නා බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...