නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ හිරු මාධ්‍ය ආයතනය සහ එහි හිමිකරු ඉල්ලක කරගමිනිමින් සිදු කල ප්‍රකාශයක් News Center යූටියුබ් නාලිකාවේ සහ ෆේස්බුක් පිටුවේ පලකිරීම හේතුවෙන් හිරු මාධ්‍ය ආයතනය විසින් NewsCenter මාධ්‍ය ආයතනයේ මව් සමාගම MB Creations Pvt ආයතනයට සහ එහි කළමණාකාර අධ්‍යක්ෂක ඇතුළු 6දෙනෙකුට එරෙහිව ගොනුකර තිබු පෙත්සම කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහා විසින් නිෂ්ප්රභා කළා.
හිරු මාධ්‍ය ආයතනය විසින් MB Creations Pvt Ltd ආයතනය, එහි කළමනාකරණ අධ්යක්ෂ මංජුල බස්නායක, ප්රවෘත්ති කළමනකරු ආනන්ද මැදගෙදර, සහකාර ප්රවෘත්ති කළමනකරු සමිත ලක්ෂාන් සහ කතෘ කවිඳු මනරංග අයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි සහිත නියෝගයක් ලබාගත්තේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සිදුකල කතාවක කුඩු බිස්නස් කර හදාගත් මාධ්‍යයක් තිබෙනවානේ සහ මරණ දඬුවම ලබා සිටින දුමින්ද සිල්වාට එරෙහිව කල ප්‍රකාශයක් News Center සමාජ මාධ්‍ය අවකාශයට එක් කිරීම හේතුවෙන්.
එහිදී පෙත්සම පෙන්වා දී තිබුනේ කුඩු බිස්නස් කරලා හදාගත්ත මාධ්‍ය ආයතන තියනවනේ, සහ දුමින්ද සිල්වා සම්බන්ද කර තිබුනද නලින් හේවගේ කිසි විටක හිරු නාලිකාව ගැන ආමන්ත්‍රණය නොකරන ඇති බවයි. නමුත් News Center ආයතනය එම හිරු නම ප්‍රවෘත්තියට පලකිරීමේදී තම කීර්තිනාමයට හානි වී ඇති බවටයි පෙත්සම පෙන්වා දී තිබුනේ. මේ හරහා කැරලි ගැසීමක් සදහා කිසියම් තැනැත්තෙක් ප්‍රකෝප කිරීමක් සිදුවිය හැකි බවට පෙත්සම චෝදනා කර තිබුණා.
නමුත් NewsCenter මාධ්‍ය ආයතනයේ මව් සමාගම MB Creations Pvt වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහේස්ත්‍රාත් අධිකරණයේ විරෝධතා ගොනු කරමින් පෙන්වා දුන්නේ මේ ගොනුකර තිබෙන චෝදනා පදනම් විරහිත බවයි.
වගඋත්තරකාර MB Creations සමාගම වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ,” පෙත්සම්කාර පාර්ශවය නීතිය අවභාවිතා කරමින් මෙම පෙතසම හරහා මාර්ගගත ආරක්ෂණ පනතේ 14 වන වගන්තිය යටතේ වන වගඋත්තරකරුවන් විසින් සිදුකර ඇති බවට අසතය කරුණු දක්වමින් ගරු අධිකරණය නොමග යැවීමට උත්සාහ දරා ඇති බවයි. කරුණු එසේ නමුත් මෙම නඩුව පෙත්සම්කරු ඔවුන්ගේ පෙත්සම් ශීර්ෂයේ දක්වා ඇති පරිදි “1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්රහතේ පනතේ 136(1) අ සමඟ කියවිය යුතු 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත යටතේ වන ඉල්ලීමක් ලෙස පවරා පවත්වාගෙන යා නොහැකි බවට වන කරුණු වග උත්තරකරුවන් විසින් ඔවුන්ගේ මුලික විතරෝධතා සමඟ මෙන්ම මෙකී ලිඛිත දේශන හරහාද මැනවින් කරුණු දක්වා ඇත. මේ අනුව නඩුව මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසේ, වර්ෂ 2025ක් වූ ජනවාරි මස 08 වන දින නිකුත් කර ඇති කොන්ද්සි සහිත ආඥාව අවලංගු කරන ලෙසත් වග උත්තරකරුවන් අධිකරණතයන් ගෞරවයෙන් අයද සිටින බවයි.”
මේ අනුව පැමිණිල්ලේ නව විරෝධතා සලකා බැලු කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහා විසින් පෙත්සම නිෂ්ප්රභා කළා. වගඋත්තරකාර MB Creations සමාගම වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් සහ කනිෂ්ඨ නීතඥවරියන් වන කසුනි එස් හේරත්, යශෝධරා ඉලංගසිංහ, මනීෂා කුමාරසිංහ, හසිනි හෙට්ටිආරච්චි සහ නිමන්සා මිටියාගොඩ පෙනී සිටියා.
පැමිණිලිකාර හිරැ මාධ්‍ය ආයතනය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ජීවන්ත ලියනගේ සහ තිලන්ක පොල්ගම්පළ පෙනී සිටියා.
(News Center )




