spot_img
spot_img

විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායලයට එරෙහිව සම්බාධක ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ලන්දේසි විදේශ අමාත්‍යවරයා ඉල්ලා අස් වී ඇත.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව නව සම්බාධක ලබාගැනීමට ලන්දේසි විදේශ අමාත්‍ය කැස්පර් වෙල්ඩ්කැම්ප් මහතාගේ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

ගාසා නගරයේ සහ අනෙකුත් ජනාකීර්ණ ප්‍රදේශවලට ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට එරෙහිව සම්බාධක පැනවීමට වෙල්ඩ්කැම්ප් මහතා එරට පාර්ලිමේන්තුවට දන්වා සිටියද, ඔහුගේ සභාග හවුල්කරුවන්ගෙන් සහාය ලැබී නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ලන්දේසි විදේශ අමාත්‍යවරයා ඉල්ලා අස් වී ඇති අතර, ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික නව සමාජ කොන්ත්‍රාත් පක්ෂයේ (NSC) ඉතිරි කැබිනට් සාමාජිකයින් ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලන්දේසි රජය අස්ථාවර තත්ත්වයකට මුහුණ දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...