spot_img
spot_img

හිටපු ඇමති පියසේන ගමගේ ළඟදී අත්අඩංගුවට …?

හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ වත්කම් ඉපයීමේදී මතුව ඇති අපැහැදිලිතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(13) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු ආදායමට වඩා වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකර ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී ගමගේ මහතාගේ ආදායම් සහ වත්කම් සම්බන්ධ වාර්තා ද CID විසින් ලබාගෙන තිබෙනවා.

පියසේන ගමගේ මහතාට අයත් බවට සැකකෙරෙන ඉන්ධන පිරවුම්හලක් ඇතුළු දේපළ රැසක්, වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බව CID හි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම විමර්ශනය තවදුරටත් සිදුකරන බවත්, එම දේපළවල සැබෑ හිමිකරු ගමගේ මහතා බවට තහවුරු වුවහොත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් CID නිලධාරීහු පවසති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...