spot_img
spot_img

දයාගේ අක්කර 19ක් වෙන්දේසි කිරීමට බාධා

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන භාරගම පොලිස් වසමේ මාලිගාතැන්න ගුරුදෙණිය ප්‍රදේශයේ ඉඩමක් මූල්‍ය ආයතනයක් විසින් වෙන්දේසි කිරීමට යාමේදී ඊට බාධා කරමින් බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතනයේ ජේෂ්ඨ කළමනාකරුවෙකු විසින් තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

එසේම දයා ගමගේ මහතාද මෙම වෙන්දේසි කිරීම නීති විරෝධී බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දයා ගමගේ මහතාට අයත් බව කියන අක්කර 19යි රූඩ් 01 පර්චස් 34 ක ඉඩම අදාළ මූල්‍ය ආයතනයට උකස් කොට ණයක් ලබාගෙන ඇති අතර එය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ ඉඩම ඊයේ (1) පෙරවරුවේ එම මූල්‍ය ආයතනය විසින් ඉඩම වෙන්දේසි කිරීමට සැරසීමේදී වෙන්දේසි කිරීම නීති විරෝධී බව පවසමින් ඊට බාධා කළ බවට අදාළ කළමනාකාරවරයා විසින් තලාතුඔය පොලිසියට පැමිණිලි සිදුකොට තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...