Sunday, May 10, 2026
spot_img
spot_img

‘ගෝඨා ගෝ ‘ අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

ගාලුමුවදොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමෙන් පසු රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී නිවාස සහ දේපළවලට සිදුවූ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය රජය විසින් නීති විරෝධී ලෙස මහජන මුදල් වන්දි වශයෙන් ගෙවා ඇති බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොවැම්බර් 13 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවා.

ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, මෙම වන්දි ගෙවීම් වලදී මහජන මුදල් අවභාවිතා වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, නීති විරෝධී ලෙස ගෙවා ඇති මුදල් නැවත අයකර ගැනීමට නියම කරන ලෙසයි.

මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...