spot_img
spot_img

ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන්

අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අගමැතිවරිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

සෙසු ඇමතිවරුන්ද ඉල්ලීම් කරනු ලැබුවහොත් පාර්ලිමේන්තු දීමනාව ඉවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.

මේ අතර කථානායක නියෝජ්‍ය කතා නායක නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇත.

එම දීමනා වෙනුවෙන් සෙසු මාස වලදීද ඊට සමාන මුදලක් වැය කෙරුණු ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකදීමනාව ලෙස රුපියල් 54285 ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් දාහක්ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද දුරකථන දීමනාව ලෙස රුපියල් පනස් දහසක්ද මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම් පියවීම සඳහා රුපියල් 15000ක්ද කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්ද පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500ක්ද පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් වෙනුවෙන් රුපියල් 2500ක්ද හිමිවේ.

මෙයට අමතරව මන්ත්‍රීවරයා පදිංචි ප්‍රදේශයේ දුර අනුව ඉන්ධන ලබාදීම කෙරෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබාගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි. මඩකළපු යාපනය දිගාමඩුලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් ලබාගත හැකිවේ

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...