Friday, May 8, 2026
spot_img
spot_img

දළදා පෙරහැරට යන්නේ බලාගෙන, හිතා ගන්න බැරි මාෆියාවක්

මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් ඇතැමුන් රුපියල් 50000ත් රුපියල් 65000ත් අතර මුදලකට අලෙවි කරන බවට හෙළිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසා ඇත්තේ පෙරහර සමයේ ආසන මිල ගණන් නියාමනය පිළිබඳව අනිවාර්යයෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේ නොකළහොත් අවසන් රන්දෝලි පෙරහරට ආසනයක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

ඉකුත් (14) දින මහනුවර නගර සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී නගරාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ,

“මහනුවර රැජින හෝටලය කොරිඩෝවේ පෙරහර නැරඹුම් ආසන කොටසක් පමණක් මහ නගර සභාවෙන් අලෙවි කරනවා. ඒ රුපියල් 12000, 15000 හා 18000ක් වැනි මුදලකට. අපි මේවා අලෙවි කරන්නේ අන්තර්ජාලය හරහා. මේ ටිකට් අලෙවිය අන්තර්ජාලය හරහා ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයෝ ටිකට්පත් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීම් අපි සීමා කරලා නෑ. එහෙම කරන්නත් බෑ. ඉන්පසු මේ අය පෙරහර සමයේදී මේ ටිකට් ඉතා අධික මිලකට විකුණනවා. මේ ටිකට් අලෙවි කිරීම සම්බන්ධයෙන් මිල තීරණයක් නෑ. මිල පාලනයක් නෑ. නියාමනයක් නෑ. පෙරහර සමයේ මහනුවර නගරයේ ව්‍යාපාරික ආයතනවල බොහෝ ස්ථාන මේ ආසන පනවන්නන් හට යම් මුදලකට බදු දීම පෙර සිටම සිදුවෙනවා. ඇතැම් අය මේ ව්‍යාපාර ස්ථානවල අදාළ පරිශ්‍ර ලබාගන්නේ රුපියල් ලක්ෂ 50ත් 100 අතර මුදලකට බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඉන්පසු ඒ අය පෙරහර නැරඹීමේ ටිකට් තමන්ට සිතූ සිතු ගණන්වලට අලෙවි කරනවා. වැඩි මිලට විකුණලා තැරැව්කරුවන් කීපදෙනෙක් අතරේ ඉතිරි මුදල බෙදිලා යනවා. කීපදෙනෙක් මේ පෙරහර ආසන මාෆියාව හැමදාම ක්‍රියාත්මක කරනවා” යනුවෙන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...