Thursday, June 4, 2026
spot_img
spot_img

ජනපතිගේ කතාවට පාස්කු මහ මොළකරුවන් බියෙන් සලිත වෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගතහැකි හැම වෙහෙසක්ම ගන්න බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජකවරයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“මා දන්නවා උන්වහන්සේ ඉතාමත් කැකෑරෙන වේදනාවකින් ඉන්න බව මා දන්නවා. වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම පිළිබදව කැකෑරෙන වේදනාවක් උන්වහන්සේ තුළ පවතිනවා.

මේ සියල්ල කතාබහ කරන අතර හැම වෙලාවකදීම උන්වහන්සේ මේ වින්දිතයන්ට ඉටුවිය යුතු සාධාරණත්වය පිළිබදව අපෙන් විමසනවා. විටක සාමකාමීව, විටක අපැහැදිලිතාවෙන් යුතුව, විටෙක බලපෑම් සහගතව විමසනවා.

ඒ තුළ තිබෙන්නේ අන් කවරක්වත් නෙමෙයි. මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරගැනීමේ උවමනාව. මා ඒ පිළිබදව කාලයේ වැලි තලාවේ යටවෙන්න ඉඩ නොදී සාධාරණය ඉටු කිරීම සඳහා ගතහැකි හැම වෙහෙසක්ම ගන්න බව, මම උන්වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කරන්න කැමතියි.

මා දන්නවා ඒක අභියෝගාත්මක කරුණක්. සමහරවිට රජය රජයෙන් පරිබාහිර පාර්ශවයන් පිළිබදව විමර්ශන කරනවා. හැබැයි රජය, රජය තුළම විමර්ශනය කොයිතරම් දුෂ්කරද කියලා අප තේරුම් ගත යුතුයි. රජය විසින් රජය පරීක්ෂාවට භාජනය කළ යුතුව තිබෙනවා.

කොතනද අපි හිරවෙලා තිබෙන්නේ. දුෂ්කරයි.. ඒත් සාධාරණය ඉටුවිය යුතුයි.. බොහෝ පරීක්ෂණ දියත්වෙලා තියෙනවා රජය විසින් බාහිර පාර්ශවයන් කෙරෙහි කරන විමර්ශන. අද අපට විමර්ශනයක් තිබෙනවා, රජය විසින් රජයේ ඇතුලාන්තයේ කරන විමර්ශනය. තේරුම් ගන්න.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...