Thursday, June 4, 2026
spot_img
spot_img

ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වෙනවා.

2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසිනි.

මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් ඇත.

මේ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...