Thursday, June 4, 2026
spot_img
spot_img

ජනපති අනුරට හරහට ඉන්නේ රජයේ නිලධාරින් – අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

රජයේ ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට නිලධාරීවාදය බාධාවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඩේලි මිරර් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂිත වේගයෙන් කටයුතු කිරීමට නොහැකි වී ඇති බවත්, එය තම අමාත්‍යාංශයටද පොදු ගැටලුවක් බවත්ය.

“වැඩ කරවගන්න අපි නිරන්තරයෙන්ම තල්ලු කරන්න ඕනෑ,” අමාත්‍යවරයා පැවසීය.

ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳව විමසූ විට, නීති රීති නිසි ලෙස අනුගමනය කළේ නම් බොහෝ ගැටලු මඟහරවා ගත හැකිව තිබූ බව ඔහු සඳහන් කළේය.

ගැටලු මතුවුවහොත් තමන් විසින් පත්කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට රජය පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

“උදාහරණයක් විදියට මගේ අමාත්‍යාංශය යටතේ තිබුණු සංස්ථාවක සභාපතිවරයෙක් ඉවත් කරලා තියෙනවා. තවත් කෙනෙකුට එරෙහිව විගණන පරීක්ෂණයක් සිදුවෙනවා. අපි මේ අයව පත් කළා විතරයි එහෙත්, ගැටලු තිබේ නම් අපි ඒවාට විසඳුම් දෙනවා,” ඔහු කියා සිටියේය.

රටට අත්‍යවශ්‍ය වෙනස්කම් තුනක් පිළිබඳව අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය: “අපට අංශ තුනකින් වෙනස්කම් අවශ්‍යයි. අපි සාම්ප්‍රදායික දේශපාලන මාවතේ යන්නේ නැහැ.

අපට අවශ්‍ය දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීමටයි. අපි අපේ මන්ත්‍රීවරුන් සැබෑ මහජන නියෝජිතයන් ලෙස හැඩගස්වනවා. දෙවනුව, අපි ආර්ථික මාවත පරිවර්තනය කළ යුතුයි.

අපට ණය ගැනීම් සහ පෞද්ගලීකරණය මත යැපෙන ආර්ථික මාවතකට යොමුවිය නොහැකියි. ඒ වෙනුවට, අපට කෘෂිකර්ම, කාර්මික අංශය, ධීවර අංශය වැනි අංශ ගොඩනැගීමට අවශ්‍යයි.

අපි එය දැන් ආරම්භ කර තිබෙනවා. තෙවනුව, ජාතිවාදය සහ ආගමික භේද පසෙකලා, මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ තුරන් කර සමාජය පරිවර්තනය කිරීමට අපට අවශ්‍යයි.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...