ඉදිරි දින කිහිපය තුළ දේශපාලන බලවතුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉතාමත් ඉඩ ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග හෙළි කරනවා.
මෙම පුද්ගලයන් පසුගිය පාලන සමයන් තුළ අමාත්‍ය ධූර වලදී සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී වැදගත් තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව නීතිමය පියවර සඳහා මූලික පදනමක් ඇතිවී ඇති බවත් වාර්තා වෙන්ව.
අදාළ විමර්ශන කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදුකරමින් ඇති අතර, පරීක්ෂණවල ලැබුණු ප්‍රගති වාර්තා දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවටයි ආරංචි මාර්ග තොරතුරු සදහන් කරන්නේ.
Comments




