spot_img
spot_img

ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්

අමෙරිකන් පාටි (the American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බවට ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා තිබේ.

ඒ මේ දිනවල අමෙරිකානු සෙනෙට් සභාවේ විවාදයට ගැනෙමින් ඇති ට්‍රම්ප්ගේ, නව විසර්ජන පනතක් වන වන් බිග් බියුටිෆුල් බිල් (One Big Beautiful Bill) නම් කෙටුම්පතට විරෝධය පළකරමිනි.

සුබසාධන වියදම් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5කින් කප්පාදුකර හමුදා වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ දැමීම යෝජිත කෙටුම්පතේ අරමුණයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ගෝලීය ආධාර කපා හැරීමට ගත් තීන්දුව හේතුවෙන් ඉදිරි පස් වසර තුළ අමතර මරණ මිලියන 14ක් සිදුවිය හැකි බවට ලැන්කැස්ට් සගරාවේ පළවූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණ කර තිබුණි.

එම මරණ අතරට වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 4.5ක් එනම් වසරකට ළමයින් ලක්ෂ 7ක් පමණ මියයනු ඇතැයි එම වාර්තාවෙන් ගණන් බලා තිබුණි.

2001 සිට 2021 අතර වසර 20ක කාලය තුළ දියුණුවෙමින් පවතින රටවල් 133ක සිදුවූ USAID වැඩසටහන් යටතේ මිනිසුන් මිලියන 91කගේ ජීවිත ආරක්ෂා වී ඇති බව වාර්තා වේ.

USAID වැඩසටහන යටතේ සිදුකළ මානුෂීය ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර තිබුණු සමස්ත ආධාරවලින් සියයට 80ක් කප්පාදු කිරීමට පසුගිය මාර්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ ඊලෝන් මස්ක්ගේ ඩොජ් වැඩසටහන යටතේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...