spot_img
spot_img

හාල්, පොල්, එළවළු සමග ටියුෂන් ගාස්තු ද ඉහළ යෑමෙන් ජනතාවට පීඩා – පාරිභෝගික සංගම් කියයි

වෙළෙඳ පොළේ සහල්, පොල්, එළවළු, මාළු සහ මස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් රට පුරා ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව පාරිභෝගික සංගම් පෙන්වා දෙනවා.

විදුලි බිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බවද එම සංගම් පවසයි. විදුලිබිල වැඩි කිරීමත් සමඟ සබන්, සබන් කුඩු, දත් බෙහෙත් සහ ෂැම්පු වර්ග යනාදී භාණ්ඩවල මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් සිය පාරිභෝගික භාණ්ඩ හිතූ හිතු මිල ගණන්වලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින හෙයින් රජය වහා මැදිහත්වී මිල නියාමනයක් ඇති කළ යුතු බව පාරිභෝගික සංගම් පවසයි.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රුහැනට කොටු කර ගැනීම සඳහා වැටලීම් වැඩි කරන්නැයි ද පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. මේ අතර බොහෝ ටියුෂන් පන්තිවල ගාස්තුද ඉතා විශාල වශයෙන් ඉහළ දැමීම හේතුවෙන් මවුපියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.

බොහෝ උපකාරක පන්තිවල ගාස්තු රු. 3000 සිට 6000, 7000 දක්වා වැඩිකර ඇති හෙයින් මේ සම්බන්ධයෙන් ද රජය මැදිහත් වී කිසියම් මිල නියාමනයක් ඇති කරන්නැයි මවුපියෝ ජනාධිපතිවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරති.

ගෘහ ඒකකයක ජීවන වියදම අධික ලෙස වැඩිවීමට අධික ටියුෂන් ගාස්තු සහ පාසල් වෑන් රථ ගාස්තුද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ආර්ථික විශේෂඥයෝ සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...