spot_img
spot_img

ශ්‍රී ලංකාවේ කොත්තු, වටල්ලප්පම් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එක්වෙයි

2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීමේදී ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට (OED) අද්විතීය ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර තිබෙනවා.

නව ඇතුළත් කිරීම් අතරට “asweddumize” යන වචනය ඇතුළත් වේ. එය සිංහල භාෂාවේ නිරන්තරයෙන් භාවිත වන වචනයක් වන අතර කෘෂිකර්මාන්තයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රයන්හි භාවිත වේ. ප්‍රථම වරට 1857 දී ලේඛනගත කරන ලද එය නැවත ඇගයීමට ලක් කරන ලද අතර අවසානයේ දේශීය විද්වතුන් විසින් දශක ගණනාවක බලපෑම් කිරීමෙන් පසුව සිංහල එකතු කර තිබේ.

“කොත්තු රොටි” (kottu roti) , යන වචනයද මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එක් කර තිබේ. එය අර්ථ ගන්වා ඇත්තේ කැඩුණු රොටි, මස්, එළවළු සහ කුළුබඩුවලින් සාදන ලද වීදි ආහාර කෑමක් වන අතර එය වඩාත් ජනප්‍රිය වන්නේ ආහාරය සැකසීමේදී එන රිද්මයානුකූල හඬ නිසාය. ලෙසයි.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය විසින් සිංහල සම්භවයක් ඇති “මැල්ලුං” (mallung) යන වචනයද මේ සඳහා ඇතුළත් කර තිබේ. එය පොල් සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සැහැල්ලුවෙන් පිසින ලද ආහාරයක් ලෙස් අර්ථගන්වා ඇත.

“කිරිබත්” (kiribath) යන වචනයද මෙම ශබ්ධකෝෂයට ඇතුළත් කර ඇති අතර එය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායිකව අනුභව කරන පොල් කිරි සහ සහල් යොදා සකසන ආහාරයක් ලෙස අර්ථ නිරූපණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සැමරුම් අගයමින්, ශබ්දකෝෂයේ සඳහා “අවුරුදු” (Avurudu) යන වචනයද ඇතුළත් කර තිබේ. අප්‍රේල් මාසයේ සමරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, සාම්ප්‍රදායික ආහාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ක්‍රීඩාවලින් සමන්විතය යන පැහැදිලි කිරීම ඒ වෙනුවෙන් සඳහන්ය.

පොල් කිරි, හකුරු සහ කුළුබඩුවලින් සාදන ලද මුස්ලිම් උත්සව අතුරුපසක් වන “වටලප්පම්” watalappam යන වචනයද,

පෘතුගීසි ආභාෂය සහිත සංගීත ප්‍රභේදයක් වන “බයිලා” (baila) සහ ක්‍රිකට් තරඟවලදී බොහෝ විට ඇසෙන සංගීත ශෛලියක් වන “පපරේ” (papare) යන වචනයද ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය වෙත ඇතුලත් කර තිබේ.

“වලව්ව” (Walawwa) යන වචනයද මීට ඇතුළත් වන අතර එහිදී ශ්‍රී ලංකාවේ වතුයායක ප්‍රධාන නිවස, මන්දිරය යන අදහස ඉන් සඳහන්වේ.

“ඔසරිය” (Osari) යන්නද මීට අන්තර්ගත කර ඇති අතර සිංහල කාන්තාවන් පැළදින සාම්ප්‍රදායික සාරි වර්ගයක් යන්න ඉන් විස්තර කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...