spot_img
spot_img

සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කරනවා.

විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන්‍ කළේ,

“2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 – 17ත් අතර දරුවන්ගේ ආහාර ගන්න පිළිවෙල සහ ඒ දරුවන් සම්බන්ධයෙන් කරලා තියෙන සමීක්ෂණ තුළින් හෙළිවෙලා තියෙනවා ස්ථූලභාවය 3%ක් විතර දරුවන් තුළ තියෙනවා.

අධි බර 12%ක් විතර දරුවන් අතර දක්නට ලැබෙනවා. දරුවන්ගේ ආහාර රටාව ගැන අධ්‍යයනයක යෙදිලා තියෙනවා. ඒකෙන් අපි බැලුවහම 17%ක් විතර දරුවන්, පැණි බීම හා ඒ ආශ්‍රිත බීම වර්ග, ලුණු සහිත ආහාර වර්ග 28%ක් විතර දරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සමීක්ෂණය කරන සතියට කලින් සතියේ. අධික තෙල් සහිත ආහාර 28%ක් – 29%ක් විතර දරුවන් පරිභෝජනය කරලා තියෙනවා.

ඒ වගේම අධික සීනි සහිත ආහාර 41%ක් දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. මේ දත්ත තුළින් අපිට පේනවා පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු විදියට නෙමෙයි සිදුවන්නේ. මේ එක්කම දරුවන්ට අඩු වයසේදීම බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මේ බව සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...