spot_img
spot_img

OnmaxDT හැදුව මෘදුකාංග ඉංජිනේරුවා අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නීති විරෝධී මුල්‍ය ගනුදෙනු කළ ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ප්‍රධානී මෙන්ම සභාපතිවරයා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බවයි.

ඒ අනුව ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඔවුන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

මෙරට ජනතාව ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියානු ජාතිකයෙකු විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙසට නම් කර ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙසට ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයාත් අටවැනි සැකකරු ලෙස ජෝර්ජියානු ජාතික‍යාත් නම් කළ අධිකරණය ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම නඩුවේ හයවැනි සැකකරු වන මේ වන විට අධිකරණ ඇප නියෝග කඩ කරමින් විදෙස් ගතව සිටින ‘Onmax DT’ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන මෘදුකාංග ඉංජිනේරුවරයෙකුද ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...