Sunday, April 19, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැහැර ගන්නා බවට කියූ පුද්ගලයා වැල්ලවත්තේදී කොටු!

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකළ බව කියන සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයි ෆෝන් එකක්, පෝටබල් රවුටරයක්, හෑන්ඩ් ෆි යුගළක් හා මුදල් හුවමාරු කළ බැංකු රිසිට් පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

එම ටැබ් යන්ත්‍රයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන් තොටුපළ ඡායාරූප සහ ගුවන් යානා ඡායාරූප රැසක් අඩංගුව තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

සැකකරු විසින් ඊයේ (11) දිනය පුරා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ආදී වශයෙන් මර්මස්ථාන රැසකට ඇමතුම් ලබාදෙමින් ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් කිසියම් පිරිසක් පැහැරගන්න ගන්නා බවත් පවසමින් සංකේත අංක කිහිපයක් පවසා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක අංශය වෙත දැනුම්වත් කිරීමෙන් අනතුරුව එලෙස ඇමතුම් ලබා දෙන පුද්ගලයා වැල්වත්ත පොලිස් වසමේ සිට ඇමතුම් ලබා දෙන බවට අනාවරණය වී ඇත.

අනතුරුව ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වෙත දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතා සහ උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහත්තයා ඇතුළු කණ්ඩායමක් කඩිනමින් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ කුළුණු වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සැකකාර පුද්ගලයා වැල්ලවත්ත පොලිස් වසමේ 33 වන පටුමගේ රැඳී සිටින බවට අනාවරණය වී ඇති අතර, ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෝටලයක නවාතැන් ගෙන සිටිය දී අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු නවාතැන් ගෙන සිටි හෝටලය වෙත ඔහු මීට තෙමසකට පෙර පැමිණ ඇති බවත්, දිනකට නවාතැන් ගැනීම පමණක් වෙනුවෙන් රුපියල් 3000/=ක මුදලක් ලබාදී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු මීට පෙර කොළඹ 2 ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගැන සිට ඇති බවත් එම හෝටලයේ දිනකට රුපියල් 5000/= ක මුදලක් ගෙවා ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයාට විදේශ රටවලින් ඩොලර් ලැබෙන ක්‍රමවේදයක්ද ඇති බව පොලීසිය පවසයි.

මොහු රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බවට මේ වන විට අනාවරණය වී ඇති අතර යාපනය අධිකරයෙන් වරෙන්තුවක් ද නිකුත් වුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

43 හැවිරිදි සැකකරු කොළඹ 15 මෝදර වීදියේ පදිංචිකරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් ගුවන්තොටුපළ පොලීසිය වෙත භාරදී ඇතැයි ද වාර්තා වේ.

වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...