spot_img
spot_img

NSBM සරසවියට වෛද්‍ය පීඨයක්

සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙනවා.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතයි.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිතයි.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර තිබුණා.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...