spot_img
spot_img

පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක වෙනුවෙන් බවද පැවසේ.

අදාල ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පසුගිය (03) වැනිදා ආරම්භ කළ අතර එය ලබන 19 වැනිදා අවසන් වීමට නියමිතය.

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ ලබන 08, 09, 13, 15 සහ 16 යන දිනවලදී ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...