spot_img
spot_img

ශ්‍රී ලංකාවට විශාල අහිමි විමක්

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව එම ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට හා නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් අරමුදල් මෙසේ අඩු වෙන බව හෙතෙම කීවේය.

මේ සමගම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වූ රජයේ ව්‍යාපෘති 4ක් ද අඩපණව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 2024 දී පමණක් එම ආයතනයෙන් රුපියල් බිලියන 21 ක ව්‍යාපෘති ආධාර රජයට හා පෞද්ගලික අංශයට ලැබී ඇතැයි කී හෙතෙම මේ තීරණයත් සමග එම ප්‍රදාන ඇණ හිටින බව ද ප්‍රකාශ කළේ ය.

මේ ගැන සාකච්ඡා කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් ඊට ප්‍රතිචාර නොලැබුණු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර විදෙස් මාධ්‍ය පසුගිය 27 වැනිදා වාර්තා කළේ ඩොලර් බිලියන 60 කට වැඩි වටිනාකමක් සහිත සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ලෝකයේ විවිධ රට වලට ලබා දී ඇති මූල්‍යාධාර සියයට 90 න් අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති බවය. එම ආයතනයේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති නතර කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙන විටත් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ විකල්ප අරමුදල් පහසුකම් සොයා ගැනීම වෙනුවෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුරෝපීය තානාපති කාර්යාල සමග සාකච්ඡා කර ඇතත් ඒවායෙන් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ඔහු අනාවරණය කළේ ය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...