spot_img
spot_img

වත්තට එන සතුන් ගැන විනාඩි 5න් සංගණනයක්

ලබන 15වනදා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

එහිදි සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු 05ක කාල සීමාවක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊයේ (01) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“අපි මාර්තු 15 වනදා නම්කරලා තියෙනවා රිළවා, දඬුලේනා, මොණරා පිළිබඳ සංගණනයක් සිදුකිරීමට. අපි කාලයක් දෙනවා විනාඩි 5ක්. ග්‍රාම නිලධාරී වසම්වල ඉන්න සියලුම නිලධාරීන් මේකට සම්බන්ධවෙනවා ඒ අය හරහා ජනතාව අපි දැනුවත් කරනවා. විනාඩි 05 ඇතුළත තමුන්ගේ වත්තේ, තමුන්ගේ ගොවිපොළේ රිළවු කීයක් හිටියද ? දඬුලේන්නු කීයක් හිටියද? මොණරු කීයක් හිටියද? වෙන සතුන් කීයක් හිටියද? ගණන් හදන්න ඕනේ. ඊට පස්සේ අයිතිකාරයෙක් නැති ඉඩමක් තියෙනවා නම් නිලධාරීන් හරහා ඒකට අල්ලපු වත්තේ කෙනෙක් හරි යොදවලා ඒ වත්තෙත් ඒ සමීක්ෂණය කරන්න ඕනේ. විනාඩි 05ක් මේකට දෙන්නේ මොකද මේ සත්තු මේ විනාඩි 05 ඇතුළත වෙන වතුවලට පනින්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම සංගණනයක් කරනවා. එතකොට මේ සියුලම තොරතුරු නිලධාරීන් හරහා අපේ අමාත්‍යංශයට එන විදිහට හදලා තියෙනවා. එතකොට අපිට අදහසක් තබා ගන්න පුළුවන් ඒ ඒ ප්‍රදේශවල රිළවු කොපමණ ඉන්නවද ? දඬුලේන්නු කොච්චර ඉන්නවද? රටේම මේ සත්තු කොච්චර ඉන්නවද? සංගණනය වැදගත් වෙනවා මේ සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාවලියකට යන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...