spot_img
spot_img

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 862 න් ඖෂධ 40 ක් සැපැයීමට සැපැයුම්කරුවන් ඉදිරිපත්වී නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

රාජ්‍යයන් අතර එකඟතාවයෙන් එම ඖෂධ සපයා ගැනීමට ගැනීමට උත්සාහ කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත.

සියලුම ඖෂධ ආනයනකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (10 වැනිදා) කැඳවූ බවත්, ඖෂධ සැපැයීම නිසියාකාරව සිදුකරන ලෙස ඔවුන්ට දැනුම් දුන් බවද ඔහු පවසා තිබේ.

වෛද්‍ය සැපැයුම් අංශයට අවශ්‍ය ඖෂධ නිසි වේලාවට තොග නොතිබීම නිසා මෙලෙස ඖෂධ ගැටලුවක් උද්ගතව තිබෙන බවත්, රෝහල්වල සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපැයීම් ගබඩාවල ඖෂධ නොමැති බව ඉන් අදහස් නොවන බවද ඇමැතිවරයා පවසා ඇත.

තවද වෛද්‍ය සැපැයුම් අංශයේ ඖෂධ තොගයක් පවත්වාගෙන යායුතු නමුත්, ඖෂධ රැසක් පර්යන්ත රෝහල්වලට සහ ප්‍රාදේශීය ගබඩාවලට යවා තිබෙන බව ද ඔහු පවසා ඇති අතර නමින් ඉල්ලුම් කරන සමහර ඖෂධවල හිඟයක් විටින් විට පවතින බවත්, වෛද්‍ය සැපයුම් අංශයට මිලදී ගන්නා 862 ක් වන ඖෂධවලත් සැපැයීමේ පවතින දුර්වලතා හේතුවෙන් යම් යම් හිඟතාවයන් පවතින බවද ඔහු කියා තිබේ..

මෙම තත්ත්වය මාස දෙකහමාරකින් නිවැරැදි කිරීමට නොහැකි බවත්, සමස්ථ ඖෂධ සැපැයුම් ක්‍රියාවලිය යථාවත් කිරීමට දළ වශයෙන් මාස නමය හමාරත්, දහයත් අතර කාලයක් ගතවන බවත්, මෙහිදී තැන් ගණනාවකදී දුර්වලතා මතුවීමේ හැකියාව පවතින බවත් එය මේ වනවිට නිවැරැදි කරමින් සිටින බවද ඔහු පවසා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...