spot_img
spot_img

යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ.

ඒ අනුව විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...