spot_img
spot_img

ජල ගාස්තු අඩුවෙන හැටි මෙන්න

නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව සංශෝධනය මේ මස අවසානයේදී සිදුකිරීමට නියමිත බවයි.

ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාව තමාට ලැබී ඇති බව‍යි, එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

අදාළ යෝජනාව විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කළේ, මෙවර සංශෝධනයේදී සියයට 10ත් 30 අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට හැකිවනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...