spot_img
spot_img

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවයි.

ඇය මේ බව සදහන් කළේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ය.

මෙහිදී ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව සාකච්ඡා විය.

මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම ද සාකච්ඡා විය.

එමෙන්ම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...