spot_img
spot_img

ඇල්ටෝ ලක්ෂ 65යි – ඇක්වා ලක්ෂ 135යි – වෙසල් ලක්ෂ 200යි – තරු පේන රටින් මෙරටට බස්සන – වාහන මිල ගණන් මෙන්න

වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට අනයනය කරන පළමු වාහන තොගය මෙම මස අවසන් සතියේ දි මෙරටට පැමිණීමට නියමිතය.

ඒ බව වාහන ආනයනකරුවන් සදහන් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව සදහන්.

ඒ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටියා.

ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක් වෙමින්.

එමෙන්ම, ජපාන ඇක්වා රථයක මිල රු. ලක්ෂ 135 පමණ ද, හොන්ඩා වෙසල් මෝටර් රථයක් රු. ලක්ෂ දෙසීය ඉක්මවනවා ද යනු ඇති බව ඔහු පැවසුවා.

තව ද, ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බව මෙන්ම ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවා ඇති බව ද ඒ මහතා සදහන් කළා.

තවද, Leaf රථයක මිල රු. කෝටි දෙකක් පමණ වන බව ද ඔහු පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...